1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් සපයා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, 1990 සුවසැරිය සේවාව සඳහා භාවිත කිරීම පිණිස සම්පූර්ණ වෛද්‍ය පහසුකම් වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට හැකි වන පරිදි මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව එකී මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (11) දිනයේ දී සිදුකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.










