German Shepherds වර්ගයේ සුනඛයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන්, අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පුවත වාර්තා වන්නෙ, පාකිස්ථානයෙන්.ගල්ෆ් පුවත් සේවය වාර්තා කරන ආකාරයට ජෙෂ්‍යඨ අධි නීතිඥවරයෙකු (ඔහුගේ නම මිර්සා අක්තාර්) පසුගිය දිනෙක උදෑසන ව්‍යායාම සඳහා ඇවිදින අතරතුරදී මෙම සුනඛයන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර එයින් ඔහු අමානුෂික ලෙස තුවාල ලබා තිබෙනවා.
ඉන් අනතුරුව මෙම නීතිඥවරයා විසින්, සුනඛයන්ගේ හිමිකරුට එරෙහිව නඩු මඟට පිවිස ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, අවසානයේ විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් නීතිඥවරයා නඩුව ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
හිමිකරු විසින් මේ සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව පෙන්වා දෙන නීතිඥවරයා පවසා ඇත්තේ, සුනඛයන් දෙදෙනා වහා මරා දමන ලෙසයි.
මෙම “මරා දැමීම” සඳහා හිමිකරු ද එකඟ වී ඇති බව සඳහන් වන නමුත්, මෙය දැනටමත් විවාදයට තුඩු දෙමින් පවතිනවා.
සීසීටීවී මඟින් ලබාගත් ප්‍රහාරයේ වීඩියෝවෙන් දැක්වෙන්නේ, සුනඛයින් නීතිඥවරයාව බිම හෙළා පහර දෙන අයුරු යි.එම වීඩියෝව පහතින් බලන්න.














‘paharadena ayuru’ ?? He he heeeeeee !!! ballo hapanawa misak pahara denne na oyi