ළඟදීම කොළඹ අහසට එන මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පියාසර පරීක්ෂාවන් අරඹයි

ලබන 11 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත නිල ප්‍රදර්ශන වැඩසටහනට පෙර, මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පියාසර පරීක්ෂාවන් මේ දිනවල සිදු කෙරෙනවා.

මෙරටට මගී ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වාදීමේ පූර්ව සූදානමක් ලෙස මෙම පියාසර පරීක්ෂාවන් සිදුකරන අතර, කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මෙම පියාසර පරීක්ෂාවන් සිදුකරන ආකාරය දැකගත හැකියි.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මගීන් දෙදෙනකුට ගමන් කළ හැකි ප්‍රථම ගුවන් යානය මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.

මගී ප්‍රවාහනයට අමතරව සංචාරක ව්‍යාපාරය සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ භාවිතයන් සඳහා මෙම තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කෙරෙමින් පවතිනවා.