පුජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
එම පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාන් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර, ඊයේ (07) දිනයේදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අවස්ථාවේදී පොලිසිය විසින් එම ස්ථනයේ සිටි ගිහි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.
කෙසේ වෙතත් මේ වන විට ඔවුන් පිරිස එම ස්ථානයේ අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වනවා.
