දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් අඩි එක බැගින්, මේ වන විට විවෘත කර තිබෙනවා.
ඒ අනුව, ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 5,500ක ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදාහැරීමට පියවර ගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙලෙස විශාල ජල ප්රමාණයක් මුදාහැරීම හේතුවෙන් දැදුරු ඔයේ පහළ ප්රදේශවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ජලාශයට පහළින් පිහිටි ප්රදේශවල පදිංචි ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
