කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ, මාහේන ප්රදේශයේ අද (07) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රෝහල් ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කළ වෑන් රථයක්, වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේදී නුවර දෙස සිට කොළඹ දෙසට පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
