ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණේ

ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක්  කටුනායක ගුවන් තොටුපොළ වෙත 11/07 දින දහවල් 12.05 පැමිණියේය .

මෙම යානය හෙලිකොප්ටර් යානයක් සේම ගුවන් යානයක් ලෙස ද භාවිතා කළ හැකි වීම විශේෂත්වයයි.

මෙම යානයෙහි ඇති අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහලට එසැවෙන ආකාරයට සකස් කර තිබුණද , අවශ්‍යතා පරිදි එය ගුවන් යානය මෙන් ඉදිරිපසට යොමු වන ආකාරයට ද සකස් කර ගත හැකිය.

එසේම මෙම යානය ගුවන් ගත වීමට ධාවන පථයක දිව යෑම අවශ්‍ය නොවන අතර , එය හෙලිකොප්ටර් යානයක් මෙන් එකවරම අහසට නැංවීම සිදු කළ හැකිබව වාර්තාවෙනවා.

මෙම යානය ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් , නාවික සැතපුම් 50 ක දුරින් නැංගුරම් ලා ඇති ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවකින් පිටත් වී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

මෙම යානය අද (07) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව , ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාව යෑමට නියමිත බවටත් වාර්තාවෙනවා.