වාද්දුව, පොතුපිටිය ප්රදේශයේ නිවසක තිබූ පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සිය භාරයට ගැනීමට කළුතර දකුණ පොලිසිය කටයුතු කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුගේ බිරිඳගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ අල්මාරියේ සාරියකින් ඔතා තිබීයදී සොයාගෙන තිබෙනවා.
මෙම බුදු පිළිමය විහාරස්ථානයකින් සොරකම් කර ඇති එකක්ද, නැතහොත් සැකකරුට එය කෙසේ ලැබුනේද යන්න තහවුරු කර ගැනීම සංධ පොලිසිය විසින් වැඩිදුර පරිෂණ සිදු කරනවා.
මෙම බුදු පිළිමය මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිට ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
