‘ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ 32 වැනි සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් ‘බටුවත්තේ චමර’ ලබන 13 දක්වා රක්ෂිත
බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (4) නියෝග කළා.
කොළඔ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබෙනවා.
අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉකුත් මැයි 10වැනිදා රාත්රියේ දිවයිනට රැගෙන ආ අතර, එතැන් සිට මේ දක්වා රැඳවුම් නියෝග මත පසුවෙනවා.
