මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී අනතුරකට පත්ව සිටි විදේශීය සංචාරකයකු (4 ) දින පස්වරුවේදී බේරාගත් බව පොලිස් ජීවිතාරක්ෂක මිරිස්ස ඒකකය පවසනවා.
මෙරට සංචාරය සඳහා පැමිණ මිරිස්ස ප්රදේශයේ නවාතැන් ගෙන සිටි පිරිසක් අද (04) දින මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් තිබුණා.
එම අවස්ථාවේදි හදිසියේ ඇති වූ දියවැලකට හසුවී එක් පුද්ගලයෙකු අනතුරට පත්ව වෙරළ තීරයේ සිට මීටර් 100 පමණ දුරට ගසාගෙන ගොස් තිබෙනවා. එහිදි ඔහු ආධාර ඉල්ලා කෑගසමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක මිරිස්ස ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් වහා ක්රියාත්මක වී සංචාරකයා බේරා ගැනීමට කටයුතු කළ බවට වාර්තාවෙනවා.
මෙලෙස අනතුරට පත්ව බේරාගෙන ඇත්තේ අයර්ලන්ත ජාතික වයස 44 පුද්ගලයකු බව පොලිසිය කියනවා.
