AFC Banner
Empty Ad
Empty Ad

සැමියා එන්නත ගන්න ගිය වෙලේ බිරිඳ කළ වැඩෙන් ගමක් නොසන්සුන්

ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේ කාන්තාවක් සැක සහිත ලෙස මරණයට පත් වී ඇති බව පොලීසිය පවසනවා.

මේවන විට සැක පහළ වී ඇත්තේ ඇය සිදු කරගත් ගබ්සාවක් නිසා හටගත් අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව යි.

මේ පිළිබඳව ඇඹිලිපිටිය රෝහල මගින් පොලීසියට කල දැනුම් දීමකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව මියගොස් ඇත්තේ පසුගිය 10 වනදා යි.

මරණය සැක සහිත බැවින් රෝහල දැනුම් දී ඇත්තේ මරණ පරීක්ෂණයට මෘත දේහය ඡේදනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බවටයි.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අදාල කාන්තාවගේ නිවසේ පිටුපස වළ දමා තිබූ නොමේරු ළදරු කළලයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

එම කළලය සහ කාන්තාවගේ මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇති කාන්තාව 29 හැවිරිදි දෙදරු මවක්.

ඇගේ ඇගේ කුඩාම දරුවාගේ වයස මාස 7 ක් බව ද සඳහන්.

සිය සැමියා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී මෙය සිදුව ඇති බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

මේවන විට පොලීසිය සැක කරන්නේ මෙම කාන්තාව ගබ්සාව සිදු කර ගැනීම සඳහා ලබා ගත් ඖෂධයක් හේතුවෙන් හෝ අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බව යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?