සැමියා එන්නත ගන්න ගිය වෙලේ බිරිඳ කළ වැඩෙන් ගමක් නොසන්සුන්

ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේ කාන්තාවක් සැක සහිත ලෙස මරණයට පත් වී ඇති බව පොලීසිය පවසනවා.

මේවන විට සැක පහළ වී ඇත්තේ ඇය සිදු කරගත් ගබ්සාවක් නිසා හටගත් අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව යි.

මේ පිළිබඳව ඇඹිලිපිටිය රෝහල මගින් පොලීසියට කල දැනුම් දීමකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව මියගොස් ඇත්තේ පසුගිය 10 වනදා යි.

මරණය සැක සහිත බැවින් රෝහල දැනුම් දී ඇත්තේ මරණ පරීක්ෂණයට මෘත දේහය ඡේදනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බවටයි.

ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අදාල කාන්තාවගේ නිවසේ පිටුපස වළ දමා තිබූ නොමේරු ළදරු කළලයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

එම කළලය සහ කාන්තාවගේ මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇති කාන්තාව 29 හැවිරිදි දෙදරු මවක්.

ඇගේ ඇගේ කුඩාම දරුවාගේ වයස මාස 7 ක් බව ද සඳහන්.

සිය සැමියා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී මෙය සිදුව ඇති බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

මේවන විට පොලීසිය සැක කරන්නේ මෙම කාන්තාව ගබ්සාව සිදු කර ගැනීම සඳහා ලබා ගත් ඖෂධයක් හේතුවෙන් හෝ අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බව යි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01