අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අවශ්යව කර සිටි සැකකාරියක් වන, අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ නැමැත්තිය අද (27) අලුයම දිවයිනට රැගෙන විත් තිබුණා.
රතු නිවේදන නිකුත් කර සිටි මෙම සැකකාරිය ඩුබායි රාජ්යයේ සැඟව සිටිය දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණා.
අද (27) අලුයම 05.20ට ඩුබායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකාරිය රැගෙන විත් තිබූ අතර, එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබුවා.
34 හැවිරිදි වියේ පසුවන සැකකාරිය මිද්දෙණිය, කටුවන ප්රදේශයේ පදිංචිකාරිනියක්.
මෙම තැනැත්තිය අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
‘කජ්ජා’ වෙත අවසන්වරට දුරකථන ඇමතුම මෙන්ම අවසාන කෙටි පණිවුඩය ද ඇය විසින් යොමුකර තිබූ බවයි හෙළි වී ඇත්තේ.
බැකෝ සමන් නැමැත්තාගේ උපදෙස් මත ආහාර ගැනීම සඳහා කජ්ජා සහ දරු දෙදෙනා අවන්හලක් වෙත කැදවා ඇත්තේ ද මෙම කාන්තාව බව පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
එලෙස ආහාර ලබාගැනීමට පැමිණි ‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා මිද්දණෙිය ප්රදේශයේ දී පසුගිය 2025 වසරේ පෙබරවාරි 18 වනදා රාත්රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.
