ලෝකයේම ආර්ථිකය මන්දගාමී වෙද්දී වසරේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

2026 වසරේ ලොව ප්‍රධාන ආර්ථිකයන් අතර වේගවත්ම ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇත්තේ ඉන්දියාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරනවා.

ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කළ එම අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2026 සහ 2027 මූල්‍ය වර්ෂ දෙකේදීම ඉන්දියාවේ ආර්ථිකය සියයට 7කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එය පසුගිය ජූලි මාසයේදී පුරෝකථනය කළ සියයට 6.4ක වර්ධන වේගයට වඩා ප්‍රතිශතාංක 0.6ක ඉහළ යාමක්. 2027 වසර සඳහා වූ පුරෝකථනය ද ප්‍රතිශතාංක 0.3කින් ඉහළ නංවා තිබෙනවා.

දින දර්ශන වර්ෂ පදනම අනුව සැලකූ විට, 2026 වසරේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.4ක් සහ 2027 වසරේදී සියයට 7ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

මෙම පුරෝකථනය සිදුකර ඇත්තේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වන පසුබිමකයි.

2025 වසරේ සියයට 3.5ක් වූ ලෝක ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 3.1ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ලොව විශාලතම ආර්ථිකයන් දෙක වන අමෙරිකාව සහ චීනය ද ඉන්දියාවට වඩා අඩු වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59