සිසුන් මිලියන එකහමාරක් සඳහා රජයෙන් පාසල් ලිපිද්‍රව්‍ය දීමනාවක්

පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ලබාදීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ අනුව, 2027 වර්ෂය සඳහා එම වැඩසටහන යටතේ පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල ළමුන් 1,000,000 ක් සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 6,000/-ක පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ඍජුව ප්‍රේෂණය කිරීමටත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනා ගත් ළමුන් 500,000 ක් සඳහා රුපියල් 6,000/-ක් වටිනා වචුර්වපත් ඉහත වැඩසටහන යටතේ හිමිගන්වනු ලැබීමටත් අවශ්‍ය පියවර ගනු ලබන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්