‘නිදහසේ පාද යාත්‍රාව’ වරකාපොළින් නිට්ටඹුව බලා ගමන් අරඹයි

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාවේ’ සිව්වන දිනය අදයි.

‘නිදහසේ පාද යාත්‍රාව’ අද (13) සිව්වන දිනට වරකාපොළ නගරයෙන් මේ වනවිට ගමන් අරඹා ඇති අතර, අද දිනයේ එහි ගමනාතය වන්නේ නිට්ටඹුව නගරයයි.

‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ ‘නිදහසේ පාද යාත්‍රාව’ ලෙස නම් කර ඇති මෙම පාද යාත්‍රාව පසුගිය 10 වනදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ගමන් ආරම්භ කළා.

මෙම පාද යාත්‍රාව හෙට (14) දිනයේ නිට්ටඹුවේ සිට කඩවත දක්වා ගමන් කරන අතර, අනිද්දා (15) දිනයේ කඩවත සිට කොළඹ දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.