කොල්ලුපිටිය පොලිස් වසමේ හෝටලයක් තුළ හා සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් තුළ දී කොකේන් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (12) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 43, 48 සහ 52 යන වයස්වල පසුවන ජැමෙයිකානු ජාතිකයින් සිව්දෙනෙක්.
මොවුන් සිව්දෙනා සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 01ක්, ග්‍රෑම් 12ක්, ග්‍රෑම් 20ක් සහ ග්‍රෑම් 16ක් වශයෙන් සොයාගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සහ සැකකාරියන් රාත්‍රී සමාජ ශාලාවලට කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
