Update – කටුනායක සහ දම්මාම් අතර ගුවන් ගමන් නවතා දැමීම ගැන ශ්‍රී ලන්කන් වෙතින් නිවේදනයක්

සෞදි අරාබියේ දම්මාම් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වනවිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම සමාගම පවසන්නේ අද (12) දිනයේ සිට ලබන 18 වනදා දක්වා කටුනායක සහ දම්මාම් අතර ශ්‍රී ලන්කන් ගුවන් ගමන් නවතාදමන බවයි.

සෞදි අරාබියේ හි ආරක්ෂාව සම්බන්ධ මෑතකාලීන සිදුවීම් සහ එහි ආරක්ෂක තත්වය හේතුවෙන් මෙම පියවර ගත බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සේවා සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම එම ගුවන් ගමන් නැවත ආරම්භ කෙරෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.