චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනයන මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට
පැමිණ තිබෙනවා

එම කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද (12) දිනයේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණා.

2022 වසරේ සැප්තැ­ම්බර් 08 සිට 2024 වසරේ සැප්තැ­ම්බර් 23 දක්වා ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී, සමා­ගම් තුන­කට පොස්පේට් ආන­ය­නය කිරී­මට නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව බල­පත්‍ර ලබා­දී­මට එව­කට ඔහුගේ හිටපු පෞද්ග­ලික ලේකම්ව­රයා විසින් රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා ගත්බව කියන සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු සඳහා මෙම කැඳ­වීම අල්ලස් කොමි­සම විසින් සිදුකර තිබෙනවා.