AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද මේ වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග අනුව කණ්ඩායමේ දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරන ශිරන්ත නිරෝෂන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ අංශයේ සාමාජිකයින් දෙදෙනෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුව තිබෙනවා. මිට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆල්වර් හට ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග අනුව ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වල වාර්තාවන්ට අනුව එංගලන්ත සංචාරයට එක්වූ සෙසු ක්‍රීඩකයින් සහ පුහුණුකරණ අංශයේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී තිබෙනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මේ වනා විට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ තවත් PCR පරීක්ෂණයක් ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව ඇත.

ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය සඳහා නව කණ්ඩායමක් සහභාගී කරවන්නේද එසේත් නැත්නම් එංගලන්ත සංචාරයට සම්බන්ධ වූ ක්‍රීඩකයින් එයට ඇතුලත් කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉරිදා දිනයේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ අනුව සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?