ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද මේ වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග අනුව කණ්ඩායමේ දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරන ශිරන්ත නිරෝෂන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ අංශයේ සාමාජිකයින් දෙදෙනෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුව තිබෙනවා. මිට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆල්වර් හට ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග අනුව ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වල වාර්තාවන්ට අනුව එංගලන්ත සංචාරයට එක්වූ සෙසු ක්‍රීඩකයින් සහ පුහුණුකරණ අංශයේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී තිබෙනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මේ වනා විට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ තවත් PCR පරීක්ෂණයක් ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව ඇත.

ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය සඳහා නව කණ්ඩායමක් සහභාගී කරවන්නේද එසේත් නැත්නම් එංගලන්ත සංචාරයට සම්බන්ධ වූ ක්‍රීඩකයින් එයට ඇතුලත් කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉරිදා දිනයේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ අනුව සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09