කතානායක ජගත් වික්රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදී තිබෙනවා.
ඒ, විපක්ෂය නියෝඉජනය කරන මන්ත්රීවරු පිරිසක් විසින්.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.
පාර්ලිමේන්තු ක්රියාපටිපාටි හැසිරවීමේ දී කතානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ගෙන එනු ලබනවා.










