ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ බුද්ධ ශාසනය තුළ තහවුරු වී ඇති සම්ප්‍රදායන් සහ විනය නීතිවලට අනුව බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ.

විනය පිටකයට අනුව සංඝයා වහන්සේනමකගේ සිවුර ගැලවීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද ලැබූ නිකායට පමණක් බවත්, ඉන් පරිබාහිර කිසිදු පාර්ශවයකට ඒ සඳහා හිමිකමක් නොමැති බවත් ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම ඇන්දවීමට ගත් පියවර හේතුවෙන් රට තුළ විශාල විරෝධයක් මතුව ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බවත් එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

ඒ, අනුව බුද්ධාගම සම්බන්ධයෙන් අන්තනෝමතික ලෙස ක්‍රියාකිරීම වහාම නතර කළ යුතු බවයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06