මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 177ක අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන රෝගීන් සඳහා වඩාත් කඩිනම්, නිරවද්‍ය හා ගුණාත්මක රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් තහවුරු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 177ක පිරිවැයක් දරමින් ස්ථාපිත කරන ලද අති නවීන CT ස්කෑන් යන්ත්‍රය නිල වශයෙන් රෝහල් ප්‍රතිකාර සේවාවට එක් කිරීම ඊයේ (07) කෙරුණා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

මීගමුව සහ ඒ අවට ප්‍රදේශ රැසකින් දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝග විනිශ්චය සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන CT ස්කෑන් යන්ත්‍රය මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙතෙක් මෙම පරීක්ෂණ සේවා සඳහා රෝගීන් රාගම ශික්ෂණ රෝහල සහ වැලිසර රෝහල වෙත යොමු කිරීමට සිදුව තිබූ අතර, නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ එම පහසුකම මීගමුව රෝහල තුළදීම ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත්, එමගින් රෝගීන්ට ගතවන කාලය මෙන්ම ප්‍රවාහන වියදම්ද සැලකිය යුතු ලෙස අවම වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මීට අමතරව, රුපියල් ලක්ෂ 290ක පිරිවැයක් දරමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නවීන පහසුකම් සහිතව නව්‍යකරණය කරන ලද මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ප්‍රතිකාර සේවා සඳහා විවෘත කෙරුණා.

දීර්ඝ කාලයක් අබලන් තත්ත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල ගරු ඩැරැල් කූඤ්ඤ පියතුමාගේ මූලික මැදිහත්වීම මත දානපතීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරතිබෙනවා .

එමෙන්ම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයද (Gym) අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20