අපනයන සංවර්ධන මණ්ඩලය නව උපදේශක කමිටු 24ක් පත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා නව උපදේශක කමිටු 24ක් පත් කරමින් එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සහ 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) එළිදැක්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කොළඹදී සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දෙවසර තුළ අපනයන ක්ෂේත්‍ර අත්කරගෙන ඇති වර්ධනය පදනම් කරගනිමින් අතීත වාර්තා අභිබවා යන නව ඉලක්ක වෙත ගමන් කළ යුතු බවයි. අපනයනයට බාධා වන යල්පැනගිය නීති හා රෙගුලාසි සංශෝධනය කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) 2026–2030 සහ ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ සම්බන්ධයෙන් නව උපදේශක කමිටු සාමාජිකයන් දැනුවත් කරනු ලැබුවා.

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක ජාතික අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සහ අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු වනවා.

නව උපදේශක කමිටු 24 වෙළෙඳ පහසුකම්, වෙළෙඳ ප්‍රවර්ධනය, ව්‍යාපාර හා ආයෝජන පරිසරය, ගුණාත්මකභාවය, කුසලතා හා නවෝත්පාදන ඇතුළු ප්‍රතිපත්තිමය අංශ මෙන්ම ඇඟලුම්, රබර්, පොල්, මැණික් හා ස්වර්ණාභරණ, ඖෂධ, මුහුදු ආහාර, ඩිජිටල් සේවා, සැකසූ ආහාර ඇතුළු ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර ආවරණය කරනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් සහ උපදේශක කමිටු සාමාජිකයන් රැසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43