රෝහලේ සිටි සුරේෂ් සලේ අද සවස යළි CID භාරයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව රැදවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අද (06) පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු⁣වේ රැදවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් අද (06) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්වා සිටියා.

වෛද්‍යවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් පවසා සිටියේ දැනට දින 119 ක කාලයක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා සිටි බවත් 2026/9/28 දින ලබා දී ඇති වෛද්‍ය වර්තාවේ සදහන් කරුණු 6ක් දක්වා ඇති බවයි.

එම කරුණු අනුව සැකකරු මේ වන විට ජාතික රෝහලේ 42 වාට්ටුවේ සිටින බවත් අද පස්වරුවේ ජාතික රෝහලෙන් මුදා හැරීමට හැකි බව අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍ය මඩුල්ල දන්වා ඇති බවයි අතිරේක ⁣සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ.

සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද ( 06 ) දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන නොතීසි නිකුත් කර තිබුණා.

ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුලු වෛද්‍යවරුන් 9 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියා.

ඔක්තෝබර් 21 නඩුව කැඳවිමට නියමිතයි .

එක් ⁣වෛද්‍යවරයෙකු විදේශ ගත වි ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්