ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් ජයවීර අතර හමුවක්

ඉන්දියාවේ මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතර හමුවක් ඊයේ (05) සිදු වුණා.

ඒ දිලිත් ජයවීරගේ කාර්යාලයේදීයි.

එහිදි ආර්ථිකය, වර්තමාන දේශපාලන තත්ත්වයන්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ දෙපාර්ශ්වයේම අවධානයට ලක්වී ඇති කරුණු කිහිපයක් පිළිබඳව ඵලදායී අදහස් හුවමාරුවක නිරත වූ බවයි වාර්තා වන්නේ.