ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පැනනැගුණු ගැටලු විසඳීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභා මාර්ගෝපදේශ නිර්දේශ අනුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමේ හමුවක් පසුගියදා පැවැත් වුණා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.
මෙහිදී අදාළ බඳවා ගැනීම් වෙනුවෙන් ගෙන ඒමට යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සමාලෝචනය කෙරුණා.
ඒ, අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සහ ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, අදාළ ව්‍යවස්ථා සංශෝධන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව පැමිණ සිටි ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කළා.
එමෙන්ම,මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ වහාම මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.
ගුරු පුහුණු,විද්‍යාපීඨ සංවර්ධන කටයුතු සහ ගුරු-විදුහල්පති ඇතුළු සේවාවන් 06ක වෘත්තීයභාවය නංවාලීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවමින් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය කරුණු පැහැදිලි කළා.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයින් මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන පිරිසක් ද සහභාගීව සිටියා.










