Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන විත් තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉකුත්දා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.