පුත්තලම, මහකුඹුක්කඩවල – ආඬිගම ප්රධාන මාර්ගයේ පුනවිටිය ප්රදේශයේ දී ඊයේ (03) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහකුඹුක්කඩවල ප්රදේශයේ සිට ආඬිගම දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ ආඬිගම ප්රදේශයේ සිට මහකුඹුක්කඩවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් මියගොස් ඇත්තේ මහකුඹුක්කඩවල, කකුපාඩියාව ප්රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි තිදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහකුඹුක්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.










