අත්අඩංගුවට ගැනුණු ඥානසාර හිමියන් අද අධිකරණයට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කළුතර, තිනියාවල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සැඟ වී සිටියදී උන්වහන්සේ ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සැඟ වී සිටීමේ අරමුණින් උන්වහන්සේ තම සිම් (SIM) පත සහ වාහනය වෙනස් කරගෙන සිටි බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් පසුගිය දා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබුණා.