ත්රිකුණාමලය – හබරණ ප්රධාන මාර්ගයේ කිතුල්උතුව ප්රදේශයේ දී අද (03) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්රිරෝද රථයක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අග්බෝපුර පොලිසිය සදහන් කළේ.
කන්තලේ ප්රදේශයේ සිට හබරණ දෙසට ධාවනය කළ ත්රිරෝද රථයක් කිතුල්උතුව ප්රදේශයේ දී පාරේ දකුණු පසින් පිහිටි වෙළෙඳසැලක් වෙත එක්වරම හැරවීමට ගත් උත්සාහයක දී හබරණ ප්රදේශයේ සිට පැමිණි මෝටර් රථයක් ත්රිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු මිය ගොස් ඇති අතර එහි සිටි තවත් අයෙකු තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අග්බෝපුර පොලිසියේ රථවාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.










