අමෙරිකානු ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ශාලාව ඉන්දියානු සමාගමකින්

ඉන්දියාවේ ප්‍රකට ඒසාර් සමාගම විසින් අමෙරිකාවේ ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ඒසාර් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 18ක පමණ ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ආයෝජනයෙන් ඩොලර් බිලියන 15ක් අයෝවා ප්‍රාන්තයේ නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා යොදවන අතර, මිනසෝටා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක ඒසාර් සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක් වැය කිරීමට නියමිතයි.

සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වූ පසු වසරකට වානේ ටොන් මිලියන 10ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
ඒසාර් සමාගමේ අමෙරිකානු අනුබද්ධ සමාගමක් වන මෙසාබි මෙටල්ස් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඉන්දියානු සමාගමක් විසින් විදේශයක සිදුකරන විශාලතම ආයෝජනය ලෙසද හඳුන්වා දී තිබෙනවා.

ඒසාර් සමාගම් සමූහයේ හිමිකාරීත්වය දරන ඉන්දියාවේ ප්‍රකට රුයියා පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය අමෙරිකානු ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ව්‍යාපෘතිය ලෙස හඳුන්වා දුන් ට්‍රම්ප්, එය සිය රජයේ ආර්ථික ජයග්‍රහණයක් ලෙසද පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03