කඩවත, මංකඩ පාර ප්‍රදේශයේ දී විදුලිය විසන්ධි නොකර විදුලි කණුවක් සිටුවීමට ගිය කොන්ත්‍රාත් සේවක පිරිසකට අද (02) දහවල් විදුලි සැර වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් එක් සේවකයෙක් මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
තුවාල ලැබූවන් ඇතුළත් කර ඇත්තේ රාගම ශික්ෂණ රෝහල වෙතටයි.










