ෆ්ලයිඩුබායි ගුවන් යානයේ සිද්ධියට ඉරානය සම්බන්ධ නම් ඉරානයට දැඩි ලෙස පහර දෙන බව ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥා

ෆ්ලයිඩුබායි ගුවන් යානයේ ඉන්දීය නියමුවාට එල්ල වූ ප්‍රහාරය පිටුපස ඉරානය සිටී නම්, ඉරානයට ඉතා දැඩි ලෙස පහර දෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා.

ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ගමන් කළ ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ එහි ප්‍රධාන නියමුවා සහ සහායක නියමුවා අතර ගැටුමක් හටගෙන දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්වීමෙන් දිනකට පසු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කළේ සිදුවීම සහ ඉරානය අතර සම්බන්ධයක් තිබිය හැකි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුවෙමින් පැවතියද, තමාට ලැබෙන තොරතුරු මත පදනම්ව ට්‍රම්ප් ජනධිපතිවරයා මෙලෙස ඉඟිපළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“අපි මේ මොහොතේ ඒ ගැන කටයුතු කරමින් සිටිනවා. අපි ඒ ගැන ඉතා විවෘතව කටයුතු කරනවා. මට ලැබෙන තොරතුරු අනුව පිළිතුර ‘ඔව්’ යැයි මම කියනවා, නමුත් අපි තවමත් ඒ ගැන සොයා බලමින් සිටිනවා,” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු නම් ඇමරිකාව ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ ද යන්න පිළිබඳව විමසූ විට ට්‍රම්ප් පවසා ඇත්තේ, ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනු ඇති බවයි.

මේ අතර සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයට ලක්වූ යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ඉන්දීය නියමු ස්මිත් මච්චාර් වීරයෙකු ලෙස ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට ඉරානයේ සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු නිල සාක්ෂියක් ලැබී නැහැ.

මේ අතර ඊයේ (01) ෆොස්ක් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ද මේ පිළිබඳව විමසා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ එම සහායක නියමුවා ඉරානය හෝ වෙනත් කිසිවෙකු සමඟ සම්බන්ධ කිරීමට තවමත් නොහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37