නව ක්‍රිකට් පනත මඟින් පෙර පැවති ක්‍රමවේදයට වඩා ක්‍රිකට් පරිපාලනයේ වෙනස්වීමකට ලක්වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළා.
මෙම නව පනත මඟින් සිදුව ඇති ප්‍රධානතම වෙනස්වීම ලෙස, ක්‍රිකට් අධ්යක්ෂ මණ්ඩලය තුළ ඡන්දයෙන් තෝරාගන්නා සාමාජිකයින් හත්දෙනෙකු සහ ස්වාධීනව පත්කර ගන්නා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් සමන්විත බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙහි විශේෂත්වය ලෙස ස්වාධීනව තෝරාගන්නා සාමාජිකයින් හත්දෙනාගෙන් අයෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තෝරාපත් කරගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.













