චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනාට එරෙහි පවරා ඇති නඩුව නොවැම්බර් 25 යළි කැඳවිමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සිද්ධියට අදාළ පස්වන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් මෙම මංකොල්ලය සම්බන්ධයෙන් සිදුකරන ලද සාකච්ජා ඇතුළත් සී.සී.ටී.වී දර්ශන රස පරීක්ෂක වෙත යවා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා සිටියේ.
සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍යයෙන් මාසයේ අවසන් දිනයේ දී ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇති බවයි.













