සෞඛ්‍ය අමාත්‍ය නලින්ද සහ චීනයේ නව තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (29) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වයි හුවාෂියැන්ග් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.

එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය අඛණ්ඩව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කරනු ලැබුවා.

මේ අතර, චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකරන ලද පොළොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂිත රෝහලේ පසුගියදා සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33