බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේ දී පසුගිය 27 වනදා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් ආරම්භ කර ඇති විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම අපරාධයට ආධාර අනුබල දී ඇති මෙම සැකකරු හල්පාතොට ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරු අවුරුදු 23ක කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.
මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.













