ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (29) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැකකෙරෙන වියළි කහ, එනසාල් පොතු සහ හක්බෙල්ලන් තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු 15ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී, එම උර තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙණ වියළි කහ කැබලි කිලෝග්‍රෑම් එකසිය තිස්අටක් (138), එනසාල් පොතු කිලෝග්‍රෑම් අසූවක් (80) සහ හක්බෙල්ලන් 370ක් සොයා ගත් බව නවික් හමුදාව පවසනවා.
තවද නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමන ලද බවට සැක කෙරෙණ, නාවික හමුදා භාරයට ගත් මෙම භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.













