ගෝඨාභය සාක්ෂි ලබාදී අධිකරණයෙන් පිටව යයි

සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

අද (29) දින සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි සටන්කර ගැනීම නොවැම්බර් මස 27 වන දක්වා කල් තැබුණා.

එදිනට සාක්ෂි දීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියම කළා.