AFC Banner
Empty Ad
Empty Ad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං හා අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?