සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමඟ එක්ව 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැස්කර තැබීම ඇතුළු චෝදනා යටතේ අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ලබන සඳුදා දින සිට දිනපතා විභාග කරන ලෙස විනිසුරු මඩුල්ල අද (28) නියෝග කළා.
ඒ, අනුව හෙට (29) දින නඩුව කැඳවීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 05 වනදා සිට නඩුව දිනපතා කැඳවීමට නියමිතයි.
මෙම නඩුව ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුර මඩුල්ල හමුවේදී කැඳවනු ලබනවා.
එහිදි අදාළ කාරණයට අදාළ ලේඛන තමන්ට ලැබී නොමැති බව 4 වන සහ 6 වන විත්තිකරුවන් අධිකරණයට දැනුම් දුන්නා.
මීට පෙර එම විත්තිකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි අතර, ඉකුත් 22 වනදා පාස්කු මහ නඩුවෙන් වරදකරුවන් බවට පත වූ නිසා ඔවුන් කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මරු කර යව තිබෙනවා.
එහිදි ඔවුන්ගේ ලිපිගොනු ගෙනයාමට නොහැකිව ඇති බවයි අනාවරණය වුණේ.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ වහාම හෙට දිනය තුළ ඒම ලේඛන විත්තිකරුවන් දෙදෙනාට ලැබෙන්නට සලස්වන ලෙසයි.
2018 වසරේ පුපුරණ ද්‍රාව්‍ය ලෙස සැලකෙන නයිට්රේට් තොගයක්, ජීව උණ්ඩ දොළහක්, ගිනි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමිර් හමසා මොහොමඩ් හමාස්, මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ , මෙහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මෙහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් ඇතුළු පාස්කු මහ නඩුවේ ද චූදිතයින් සිව්දෙනෙකු ද ඇතුළු හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.













