2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් මස 01 වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ, අනුව පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර තිබෙනවා.
එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 395.315ක්.
ඔක්තෝබර් මස 01 වනදා සිට සිය වැඩිහිටි දීමනාව, අදාළ ප්‍රතිලාභීන්ට තම අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසන්නේ.













