“ස්වාමීනි, මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා” කෙහෙල්බද්දර පද්මේ උසාවියෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලයි

“ස්වාමීනි ,මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා. වැලිසර බන්ධනාගාරයේ නිසි ආරක්‍ෂාවක් නැහැ. මරණ තර්ජන තියෙනවා. නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා” යනුවෙන් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ ‘අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඉල්ලා සිටි⁣යා.

නීතිවිරෝධීව පතාල නායකයින් දෙදෙනකු වන ගම්පහ බබා සහ බබී බෝට්ටු මගින් ඉන්දියාවට යැවීමේ චෝදනාවට අදාල සැකකරුට එරෙහිව ගොනු කර තිබූ නඩුව අද (28) කැඳවු අවස්ථාවේදී ඔහු මෙම ඉල්ලීමක් කළා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වර්තාවක් කැඳවන ලෙසට ද අධිකරණය නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු ලබන 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී වැලිසර බන්ධනාගාරයේ සිටි සුම් තාක්ෂණය ඔස්සේ සැකකරු නඩු කටයුත්ත වෙනුවෙන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29