විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වනවා – පෞද්ගලික ටැංකි රථ හිමියන්

තම ගැටලුවට ලබන සිකුරාදා දිනයේ විසඳුම් නොලැබුනහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සමඟ සිය ගැටලුව සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ පැවති සකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, එම සංගමයේ සභාපති ඒ.එම්.එච් අධිකාරී මේ බව සඳහන් කළා.

ඉන්ධන බෙදාහැරීමේ ටැංකි රථ වෙනුවෙන් පවතින ඉන්ධන මිල සූත්‍රය සංශෝධනය කරන ලෙස ඉල්ලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබුණා.

එහිදී තෙල් සංස්ථා සභාපතිවරයා පොරොන්දු වී ඇත්තේ ලබන සිකුරාදා පස්වරුව වන විට මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන විටයි.

කෙසේ වෙතත් එහිදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පවතින උද්දමනය හමුවේ ටැංකි රථ නඩත්තුව සහ ඉන්ධන වෙනුවෙන් මේ වනවිට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02