නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.

අද (25) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

ඒ අනුව,

  • ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, ⁠නෙළුව, නියාගම,
  • මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහල කෝරලේ, ⁠දොළුව,
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, ⁠නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර,

යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 03 මට්ටමේ ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම,

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ
රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠රත්නපුර , පැල්මඩුල්ල

යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 02 මට්ටමේ අවදානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක
ගම්පහ දිස්ත්‍රික්කයේ ⁠අත්තනගල්ල, ⁠මීරිගම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, ⁠වලස්මුල්ල
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, ⁠හාරිස්පත්තුව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ⁠අලව්ව, මාවතගම, ⁠පොල්ගහවෙල, මල්ලවපිටිය
කළුතර දිස්ත්‍රික්කයේ ⁠ඉංගිරිය, බුලත්සිංහල
මාතර දිස්ත්‍රික්කයේ ⁠කොටපොල, ⁠පස්ගොඩ, පිටබැද්දර
රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල, කුරුවිට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ⁠නුවරඑළිය

යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 03 මට්ටමේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11