බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට අවසර

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිෂමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිස්සමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයේ සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හඳුනාගෙන තිබෙන බවත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ අනුව නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙහිදී එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59