එංගලන්තයේ එසෙක්ස් ප්රාන්තය (Essex) නියෝජනය කරන ක්රිකට් ක්රීඩක රොබින් දාස් (Robin Das) වෙත දූෂණ චෝදනා දෙකක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඔක්තෝබර් 09 වන වැනිදා ‘ඉනර් ලන්ඩන් ක්රවුන්’ (Inner London Crown) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
2024 මාර්තු මාසයේදී බ්රික්ස්ටන් (Brixton) හිදී කාන්තාවක් දූෂණයට ලක්බකිරීමේ චෝදනාව මත , 24 හැවිරිදි දාස් 2025 අගෝස්තු 27 වන දින අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම සිධිය සම්බන්ධයෙන් එසෙක්ස් ප්රාන්ත කණ්ඩායම විසින් ඔහුව තරග තහනමකට ලක්කර තිබුණා.
දාස් 2020 වසරේදී එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට පිවිසි අතර, එම කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග නවයකට සහභාගී වී තිබෙනවා.
එහිදී 2023 වසරේ සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔහු ශතකයක් ද වාර්තා කළා.













