ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව, 2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින (අනිද්දා) සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා පහත සඳහන් පළාත් අටෙහි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව දැනුම් දෙනවා.
මධ්‍යම පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත, සබරගමුව පළාත සහ ඌව පළාත යන පළාත්වල ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අත්හිටුවීමට නියමිතයි.













